වර්ණය වෙනස් වූ සීගිරිය නාන තටාකය
Monday, 06 January 2020 - 16:50 | Views - 779
සීගිරිය පර්වතය මුදුණේ පිහිටි මාලිගා සංකීර්ණයේ දක්නට ලැබෙන රාජකීය නාන තටාකයේ පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම ස්ථානය පුරාවිද්‍යා නිලධාරින් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය බාර නිලධාරින් පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම පෘෂ්ඨයේ වර්ණය වෙනස් වී ඇති බව එහිදී නිරීක්ෂණය වී තිබුණා.

කිසියම් රසායනික විපර්යාසයක් එම පෘෂ්ඨය තුල සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට සිදුකෙරෙන රසායන පරීක්ෂණයෙන් පසු එම දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥයින් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පිටත් කර හරින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top