වර්ණය වෙනස් වූ සීගිරිය නාන තටාකය
Monday, 06 January 2020 - 16:50 | Views - 780
සීගිරිය පර්වතය මුදුණේ පිහිටි මාලිගා සංකීර්ණයේ දක්නට ලැබෙන රාජකීය නාන තටාකයේ පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම ස්ථානය පුරාවිද්‍යා නිලධාරින් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය බාර නිලධාරින් පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම පෘෂ්ඨයේ වර්ණය වෙනස් වී ඇති බව එහිදී නිරීක්ෂණය වී තිබුණා.
කිසියම් රසායනික විපර්යාසයක් එම පෘෂ්ඨය තුල සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට සිදුකෙරෙන රසායන පරීක්ෂණයෙන් පසු එම දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥයින් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පිටත් කර හරින බවයි.
Share This Article