බඳගිරියේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටී පාසල් සිසුවෙකු මරුට
Monday, 06 January 2020 - 16:38 | Views - 406
හම්බන්තොට - බඳගිරිය - යහන්ගල - 6 කණුව ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහුත් සමඟ යතුරුපැදියෙහි පිටුපස ගමන් කළ තවත් පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ බඳගිරිය - ගෙවල් පනහ - ජන උදාන ගම්මානයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක්. යතුරුපැදියෙහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
Share This Article