නඩු තීන්දු වෙනස් කරන්නට රන්ජන් අධිකරණයට කළ සියලු බලපෑම් හෙළි වේ. දුමින්ද සිල්වාගේ නඩුවේ විනිසුරුවරියටත් බලපෑම් කරලා - රහස් රැසක් හෙළි කළ ආන්දෝලනයට තුඩු දුන් හඬපටය මෙන්න
Monday, 06 January 2020 - 13:57 | Views - 2,381
යහපාලන ආණ්ඩුව සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු තීන්දුවකට එවක අමාත්‍යවරයෙකු වූ රන්ජන් රාමනායක බලපෑම් කළ ආකාරය හෙළිදරව් වන හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම හඬ පටයෙන් හෙළිදරව් වන්නේ, රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂකවරයා ලෙස ක්‍රියා කළ ශානි අබේසේකර නඩු තීන්දු තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන ආකාරයයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැරදිකරු කර දඬුවම් කිරීම සඳහා රන්ජන් රාමනායක එම නඩු තීන්දුව මෙහෙය වූ විනිසුරුවරියක් වන පද්මිණි රණවක මහත්මියට බලපෑම් කළ ආකාරයද මෙම හඬපටයෙන් හෙළිදරව් වනවා.
පැය භාගයකට ආසන්න කාලයක් පුරා දිවෙන මෙම හඬපටයෙන් නඩුතීන්දු තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලබාගැනීම සඳහා සිදුකරන සැලසුම් හෙළි වී තිබෙනවා.
Share This Article