13 හැවිරිදි දිල්ෂානි දියණියට වස පොවා ගෙල වැළලාගත් 45 හැවිරිදි පියා ගැන සොයුරිය දුන් සාක්ෂිය
Monday, 06 January 2020 - 12:51 | Views - 630
"ජනවාරි 01 දා මම කිරිබත් හදලා දුව අතේ අයියලාගේ ගෙදරට යෑව්වා. දුව එහාට ගිහින් ඇවිත් කිව්වා, අම්මේ මාමා ඇඳ උඩ හිටගෙන නිදි අක්‌කා ඇඳ උඩ නිදාගෙන ඉන්නවා කියලා. අපි ඉක්‌මනට අයියලාගේ ගෙදර ගිහින් බලනකොට අයියා ඇඳට උඩින් ලීයක එල්ලිලා හිටියා. එයාගේ දුව ඇඳ උඩ වැටිලා ඉන්නවා දැක්‌කා..."

ජනවාරි 01 දා අලුයම හෝ ඊට ආසන්න වෙලාවක මිය ගොස්‌ සිටි මින්නේරිය පොලිස්‌ වසමට අයත් ජයන්තිපුර, යාය හේන්කොළවෙල අංක 79/1 ලිපිනයේ පදිංචිකරුවන් වූ හේරත් මුදියන්සේලාගේ වසන්ත කුමාර (45) හා හේරත් මුදියන්සේලාගේ විශ්මි දිල්ෂානි යන පියා හා දියණියගේ මරණ සම්බන්ධයෙන් පැවැති මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේදී ප්‍රකාශයක්‌ දෙමින් මිය ගිය අයගේ සහෝදරිය වන එච්. එම්. සමුද්‍ර කුමාරි යන අය එසේ පැවසූවා.
 
මෙම මහේස්‌ත්‍රාත් පරීක්‍ෂණය හිගුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් සනත් නානායක්‌කාර මහතා ඉදිරියේ පැවැත්වුයේ ඉකුත් ජනවාරි 01 දා දහවල් සිද්ධිය වූ ස්‌ථානයේදීය.
 
"මිය ගොස්‌ සිටින්නේ මගේ අයියා. එයා විවාහ වෙලා ඉන්නේ. එයාගේ බිරිඳ නිතර රට යනවා. එහෙම ගිහින් ඉඳිද්දී බිරිඳගේ නංගීත් එක්‌ක අයියා ජීවත් වුණා. ඒ දෙන්නට දරුවෙක්‌ ඉන්නවා. ඔය නැතිවෙලා ඉන්නේ ඒ දරුවා. පවුල් ප්‍රශ්න නිසා අයියා නිතර කල්පනා කළා. සිත් තැවුලෙන් හිටියා. සිද්ධිය වූ දවසේ රෑ අයියා බිරිඳගේ අම්මට බෙහෙත් වගයක්‌ එහෙම ගෙනත් දීලා දුවත් එක්‌ක ගෙදර ගියා. ඒ වෙනකොට රෑ 8.30 ට විතර ඇති..."
 
"පහුවදා උදේ ජනවාරි 01 දාට මම කිරිබත් හැදුවා. අයියලගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්‌ටුවමයි. ඒ නිසා අවුරුදු 07 ක්‌ වන මාගේ දුවගේ අතේ අයියලගේ ගෙදරට කිරිබත් යෑව්වා. දුව අයියගේ ගෙදරට ගිහින් බලනකොට එහෙ දොරවල් වහලා තිබිලා තියෙන්නේ. දුව ජනේලයකින් බලනකොට අයියා ඇඳට උඩින් එල්ලි ඉන්නවා දැකලා. දුව ඇඳ උඩ නිදාගෙන ඉන්නවා කියලා මට ඇවිත් කිව්වා..."
 
"දුව ඒ කතාව කියපු ගමන් මමත් තව කීප දෙනකුත් අයියලාගේ ගෙදරට දුවගෙන ගියා. එහෙම ගිහින් බලනකොට අයියා ඇඳට උඩින් ලීයක එල්ලිලා ඉන්නවා දැක්‌කා. එයාගේ දුව ඇඳ උඩ නැතිවෙලා හිටියා. මේ මරණ සිද්ධ වුණේ කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ..."
 
මෙහිදී මිය ගිය අයගේ සහෝදරයකු වන එච්. එම්. සමන් කුමාර හේරත් යන අයද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.
 
හිගුරක්‌ගොඩ මහේස්‌ත්‍රාත් සහන් නානායක්‌කාර මහතාගේ නියෝගය මත මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ පොලොන්නරුව මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී. එල්. වෛද්‍යරත්න මහතා විසින් පසුගියදා (01දා) සවස සිදු කරනු ලැබුවා.
 
එහිදී එච්. එම්. වසන්ත කුමාර යන අයගේ මරණය ගෙළ වැලලා ගැනීම නිසා හුස්‌ම සිරවීමෙන් සිදු වූ මරණයක්‌ බවට වෛද්‍යවරයා නිගමනය කළ අතර දැරියගේ මරණය සම්බන්ධ විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
 
මරණයට හේතුව නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සිරුරු කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට ද අධිකරණ වෛද්‍යවරයා තීරණය කළා.

අතුල සූරියබණ්‌ඩාර
දිවයින

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top