ක්‍රෝඒෂියාවේ හිටපු අගමැති ජනපති ධූරයට
Monday, 06 January 2020 - 12:22 | Views - 401
ක්‍රොඒෂියාවේ හිටපු අගමැති සහ ප්‍රධානතම විරුද්ධ පක්ෂය වන සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක Zoran Milanovic එරට නව ජනපති තනතුරට පත් වී තිබෙනවා.
පසුගිය ඉරිදා පැවති ක්‍රොඒෂියා ජනපතිවරණය 52.7%කින් ජය ගන්නට හිටපු අගමැතිවරයා සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ 47.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පාලක පක්ෂයේ අපේක්ෂිකා Kolinda Grabar-Kitarovic පරාජයට පත් කරමින්.
ක්‍රොඒෂියානු ජනාධිපති ධුරය බොහෝ දුරට සම්මානනීය තනතුරක් ලෙස සැලකෙනවා.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිෂේධ බලය යෙදීමට හැකියාව නැතත් විදේශ ප්‍රතිපත්ති, රාජ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් යම් බලයක් හිමි වනවා.
Share This Article