වේදනාවෙන් සහ පීඩනයෙන් සිටින විට ශබ්ද නගන ශාක
Monday, 06 January 2020 - 10:41 | Views - 642
විද්‍යාත්මක වශයෙන් ගත් කළ සෑම ශාකයකම ජීවයක් පවතිනවා. කිසියම් වේදනාවක් දැනෙන විට මේ ශාක යම්කිසි වේදනාවක් දැනෙන විට සහ පීඩාකාරී අවස්ථා වලදී ශබ්දයන් පිට කරන බව ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ Itzhak Khai සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ ශබ්ද මිනිස් කණට නොඇසෙන තරම් උස් හඬ පරාසයක් සහිත වනවා. මීයන් සහ වවුලන්ට ශාක පිට කරන මෙම ශබ්ද ශ්‍රවණය කළ හැකි බව අනාවරනය වී තිබෙනවා.

පර්යේෂණය සඳහා යොදා ගත් තක්කාලි සහ දුම් කොළ ශාක වලට අඟල් හතරක් ආසන්නයෙන් අතිධ්වනික සංඛ්‍යාත ග්‍රහණය කළ හැකි මයික්‍රෆෝන සවි කොට ජල සැපයුම අඩාල කරමින් හා කැපීම් වලට ලක් කරමින් අධ්‍යයනයන් සිදු කර තිබෙනවා.

පීඩාකරී තත්වයන් වලදී මේ ශාක 20KHz - 150KHz පරාසයක ශබ්දයන් පිට කර තිබෙනවා. එම ශබ්ද අනුසාරයෙන් අදාල ශාක කැපුම් වලට ලක් වනවාද, ජල හිඟයකින් පීඩාවට පත් වනවාද වශයෙන් වර්ග කරන්නට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.

දුම්කොළ ශාකය පැයක් ඇතුලත ශබ්ද 15ක් ද තක්කාලි ශාකය පැයකදී ශබ්ද 25ක්ද පිට කළ බව පර්යේෂණ වාර්තා වල දැක්වෙනවා.

ශාක වේදනාවෙන් පසුවන විට ශාකයේ අභ්‍යන්තර නාළ හරහා ගමන් කරන ජලයේ ඇති වායු බුබුළු පිපිරීමෙන් ඇති වන දෙදරීම නිසා මේ ශබ්ද ඇති වන බව පර්යේෂණයෙන් අනාවරනය වුනා. මේ ශබ්ද ඇතැම් ජීවීන්ට මීටර් කීපයක පරාසයක් තුළ ශ්‍රවණය කළ හැකි බව දැක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top