මියගිය සැමියාගේ භූතාත්මය බිරිඳගේ අනියම් පෙම් හුටපට සියල්ල ‍හෙළිකරයි
Monday, 06 January 2020 - 10:22 | Views - 6,525
“අවසර කල් රහස් තැන - ගැහැනු කවුරුද වරදෙ නොබැ‍ඳෙන” මේ පැරණි කියමන ලෝක ධර්මතාවකි. එය පිරිමිනට ද සාපේක්ෂ නොවේ යැයි කියන්නට ද බැරිය. එසේ ම සංසාරික හුරුපුරුදු වර්තමානයේ ද මතු වන විට “කිරි දියෙහි දෙවියත් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්” යැයි කියන්නට ද සිදු‍ වේ.
 
කෙසේ වුවද යහපත් පවුල් ජීවිතයකදී ගැහැනියට අසීමිත නිදහස, අසීමිත මුදල් පරිහරණය, අසීමිත විශ්වාසය පිරිමියා විසින් අසීමිත බැළ මෙහෙවර ඒ තරම් ගුණ දායක ද නැත.

මහරගම ස්වර්ණා පනස් හැවිරිදි විවාහක කාන්තාවකි. දෙදරු මවකි. එහෙත් වයස 35 - 40 ට වඩා නො පෙනේ. රූපලාවණ්‍ය සඳහා නිතර සැලකිලිමත් වේ. ඇගේ සැමියා සුජීව ගණකාධිවරයෙකි. ඔහු උදේ පාන්දර අවදි වී ගෙදර දොර පිරිසුදු කර බිරියට පහසුකම් සලසයි. දරුවන්ගේත් බිරියගේත් කිලිටි රෙදි සෝදා පවිත්‍ර කර දෙන්නේ ද බිරියට ඇති අසීමිත ආදරය නිසාය. කුඩා දියණිය මොන්ටිසෝරි ගෙන යෑම සඳහා ස්වර්ණාට කුඩා මෝටර් රථයක් ද මිලදී ගෙන දී ඇත. උදේ 8.00ට මොන්ටිසෝරියට යන ඇය දහවල් 11.30 වන තුරු, පාසල ඇරෙන තුරු වාහනය නතර කැර ගෙන බලා සිටී.
 
මේ අතර සුජීව හිටි හැටියේ ලේ කැටියක් හිරවීම නිසා මරණයට පත් විය. තුන් මාසයේ පිනකම අවසන් වී මාසයකට වඩා ගත වූයේ නැත. දැන් රාත්‍රියට හීනෙන් සුජීව පැමිණ ස්වර්ණාගේ බෙල්ල මිරිකන්නට වූයේය. ඇගේ අත පය නිය පොතු ගසා සූරා, හපා කා ඒ තැන්වලින් ලේ ගලන්නට ද විය. නි‍ෙවසේ රාත්‍රියට ඡායාවක් එහා මෙහා ගමන් කරන අයුරු අනිත් අයට ද පෙනෙන්නට විය. වත්පිළිවෙත් කළත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් කිසිදු සහනයක් නොවීය.
 
ගුරුවරියක වන ඇගේ සොයුරිය මානෙල් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ස්වර්ණා කැඳවා ගෙන ගියාය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් කරදර පැහැදිලි කළාය.
 
පළමු රෝග පරීක්ෂාවේදීම ස්වර්ණා ගැහෙන්නටත් දත් සපමින් රෞද්‍ර ගතියක් ගෙන ‍ගොරවන්නට වූවාය. මැයට අමනුෂ්‍ය බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට දින 21ක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා සියලු ලෝක සියලු සත්ත්වයන්ටත් සංසාරගත සියලු මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කොට අන්තිමට සුජීවට පින් අනුමෝදන් කරන ලෙස අවශ්‍ය උපදෙස් දුන්නේය.
 
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණි දිනයේ ද ස්වර්ණාගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
 
“කවුද මේ ශරීරයෙන් මතු වුණේ?” ඇසීය.
“මම සුජීව.” භූතයා උත්තර දුන්නේය.
“කවුද සුජීව කියන්නේ?”
“මේකිගෙ මහත්තයා.”
“ඇයි නෝනාට කරදර කරන්නේ?”
“කරදර? කරදර නොවෙයි. මේකිව මරනවා. ‍ෙම්කිගෙන් මම පළිගන්නවා.”
“ඇයි මොන වරදක් කළාටද?”
“මේකි මාව රැවටුවා. මම මේකිට කොයි තරම් ආදරෙන් සැලකුවාද? රෙදි හෝදලා දුන්නා. පොල්ටික ගාලා දුන්නා. වළං ‍පිඟන් හෝදලා දුන්නා. මම ගමනක් ගිහින් කෑමක් කෑවොත් එයින් කොටසක් ගෙනැත් දුන්නා. වාහනයක් අරන් දුන්නා. එහෙම කරපු ගෑනි ළමයා මොන්ටිසෝරියට දාලා එතැන කඩේ අයිතිකාරයා එක්ක යාළු වුණා. ඌ මේකිට සල්ලිත් දුන්නා. රහවැටිලා තවත් සල්ලිකාර පිරිමි හතර පස් දෙනෙක් එක්කම හෝටල් කාමරවලට ගියා. මම මේවා කිසි දෙයක් දන්නෙ නැහැ. ඒත් මම මැරුණට පස්සෙ මේවා හැම දෙයක් ම මට පෙනෙන්න ගත්තා. අනේ මම මේ ගෑනිට කොයිතරම් සැලකුවාද කියලා දුකක් එක්ක කේන්තියක් ආවා. මම දැන් මේකිගෙන් පළිගන්නවා” යි භූතාත්මය කීවේය.
 
ස්වර්ණා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා මළ ගිය සුජීවගේ ප්‍රාණකාරයා කී දේවල් ඇත්තදැයි ඇසීය. “ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා” ස්වර්ණා පැවසුවාය.
 
“මොන්ටිසෝරියට දුව බාර දීලා උදේ 8.00 ඉඳලා 11.30 වෙනකම් නිකම් ඉන්න කම්මැළි නිසා එතැන කඩේට ගිහින් කතා කර කර හිටියා. ඔහොම ඉන්න කොට ඒ මුදලාලි මාත් එක්ක යාළු වෙලා සම්බන්ධකම් පවත්වන්න හිටියා. ඒ වගේ තවත් හතර පස් දෙනෙක් යාළු වුණා. ඒත් මහත්තයා මළාට පස්සෙ මට සෑහෙන්න දුක හිතුණා. මම සුජීවව රැවටුවා නේද කියලා පසුතැවුණා. ඊට පස්සෙ හොඳ කෙනෙක් වෙන්න නරක පුරුදු අත හැරියා. ඒත් අර යාළුවෝ මාව අත් හැරියේ නෑ. රෑට රෑට හොරෙන් මගේ ගෙදරට ආවා. දරුවොත් ලොකු නිසා මම ඒ දේවලින් මිදෙන්න උත්සාහ කළත් අර යාළුවො මාව අතහැරියෙ නෑ. ඊට පස්සෙ තමයි මේ හීනෙන් බයවෙන කරදර ඇති වෙන්න පටන් ගත්තේ” යි ඇය කීවාය.
 
ඒ සමඟම ඇයට භූතාත්මය ආවිෂ්ට වී කතා කරන්නට විය.
 
“ඔව්. ඔව්. ඒ හොර මිනිස්සු දෙන්නෙක්වම මම මෝටර් සයිකල්වලින් පෙරළලා කකුල් කැඩුවා. උන් දැන් නොන්ඩි ගහනවා. තව එකෙකුගෙ පපුවේ නහරයක් විකලා මරල ම දැම්මා.” භූතාත්මය කීවේය.
 
“ගෑනුන්ට සීමාව ඉක්මවා සලකන්න ගියාම විශ්වාස කරන්න ගියා ම ඔහොම වෙනවා. ඒකෙන් මෙයාගේ සංසාර ගති පුරුද්දක් මතු වෙලා තියෙන්නේ. ඒකෙන් ඔබට හානියක් වුණේ නෑ. දරුවන්ට හානියක් වුණෙත් නෑ. මෙයා කරගන්න දේවල් මෙයාම පොදි බැඳගෙන අරගෙන යාවි. කොහොම වුණත් මෙයා දැන් ඒ වැරදි කරන්නෙ නෑ, ඔබ දැන් එදා හිටපු සුජීව නොවෙයි. දැන් ප්‍රේත‍ාත්මයක්. මෙයා දැන් ඔබේ බිරිය නොවෙයි. මේ දීර්ඝ සංසාර ගමනට අපි කවදා කොතැනකදි හරි එකතු වූ දා පටන් මේ දක්වා ආත්ම කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක උපදින්න ඇති. මේ වගේ බිරින්දෑවරු කෝටි ගණනක් ඉන්න ඇති. මෙයා එක්කෙනෙක් විතරයි. මේ වගේ අය මතු මුණනොගැහෙන්න අධිෂ්ඨාන කරන්න. පිනට දහමට යොමු විය හැකි සිද්ධස්ථානයකට ගිහින් තමන්ගේ ආත්මශුද්ධිය සලසා ගන්න” ගවේෂකවරයා භූතයාට අවවාද කළේය.
 
“හොඳයි මහත්තයා, ඒත් මේ කතාව මගේ දරු දෙන්නාට කියන්න ඕනෑ” භූතයා කීවේය.
 
ඊළඟ සතියේ දරු දෙදෙනා ද කැඳවාගෙන එන්නැයි ගවේෂකවරයා ස්වර්ණාට නියම කළේය.
 
ඊළඟ සතියේ දරුවන් සමඟ පැමිණි විට භූතාත්මය ආවිෂ්ට වී තමන් ආදරෙන් සැලකූ හැටිත් අම්මා ද්‍රෝහීවූ හැටිත් භූතයා දරුවන්ට විස්තර කළේය.
“මට මේ ගෑනිගේ අම්මා තාත්තාටත් මේකිගේ හැටි කියා දෙන්න ඕනෑ” භූතයා ඊළඟට කීවේය.
 
ඊළඟ සතියේ ස්වර්ණාගේ මවුපියන් ද ගෙන්වූ අතර එදින ඒ මහ ජෝඩුවට භූතයා දියණියගේ කැරැට්ටුව කීවේය.
 
මේ වගේ ගුණයහපත් කෙනකුට ද්‍රෝහී වීම බරපතළ වරදක් බව ඒ උගත් මවුපියන් පිළිගත් අතර දරුදෙන්නා වෙනුවෙන් මෙයින් පසු එවැනි වැරදි නොවන්නට කටයුතු කරන බවටත් ඔවුහු පොරොන්දු වූහ. ගුරුවරියක වූ සහෝදරිය ද අක්කා ගැන ලැජ්ජාවට පත්වන බවත් කීවාය.
 
උදේ හවස සැමියාගේ පින්තූරය ළඟ පසඟ පිහිටුවා මාසයක් සමාව ගන්නා ලෙසත් ඒ අතර නිවසේ සාංඝික දානයක් පිරිනමා සුජීවට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
 
දානයෙන් පසු පැමිණි විට සුදුමල් වට්ටියකට භූතාත්මය සම්බන්ධ කොට ඔවුන් අත ම අනුරාධපුරයට යැවීය.
 
මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top