බිංගිරියේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
Monday, 06 January 2020 - 10:07 | Views - 396
බිංගිරිය - දළුපොත - අකරවත්ත මාර්ගයේ කොස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ අයිනේ ගමන් ගත් පදිකයෙකුගේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරු මියගොස් තිබෙනවා.
පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී පෙරලී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. අනතුරෙන් පැදිකරු සහ පදික පුද්ගලයා ද තුවාල ලබා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර, මැදිරිගිරිය - දියසෙන්පුර මාර්ගයේ පැරකුම්පුර ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් බස් රථයක පිටුපස ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් ඇඟලුම් සේවිකාවන් 6 දෙනෙකු සුළු තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article