අප්‍රිකාවේ දඩයම් බිමක සිංහයන් අටදෙනෙකු ඝාතනය කෙරේ
Monday, 06 January 2020 - 9:58 | Views - 449
දඩයම් භූමියක තිබී මරා විකෘති කර තිබූ සිංහයන් 8 දෙනෙකුගේ සිරුරු හමුවීමත් සමඟ දකුණු අප්‍රිකානු පොලීසිය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම සිංහයන් අටදෙනාම ඊයේ දිනයේ වයඹ දිග දකුණු අප්‍රිකාවේ ස්වාට්රජන්ස් නගරයට ඔබ්බෙන් වූ වනාන්තර භූමියකදී ඝාතනය කර ඇති බව සඳහන්.
සියලුම සිංහයන්ගේ හකු සහ පාද කපා ඉවත් කරගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළා. දකුණු අප්‍රිකාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සිංහයන් විෂ යෙදූ කුකුල් මස් ආහාරයට දී මරා දමා ඇති බවට විශ්වාස කරන බවයි.
කෙසේ නමුත් එය සැකයක් පමණක් බවත් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත් පොලිස් ප්‍රකාශකයා කියා සිටියා.
ආසියාකරයේ වාජීකරණ ඖෂධ සඳහා ඝාතනය කරන ලද සිංහයන්ගේ කොටස් මීට පෙරද රැගෙන ගොස් තිබුණා.
Share This Article