අප්‍රිකාවේ දඩයම් බිමක සිංහයන් අටදෙනෙකු ඝාතනය කෙරේ
Monday, 06 January 2020 - 9:58 | Views - 450
දඩයම් භූමියක තිබී මරා විකෘති කර තිබූ සිංහයන් 8 දෙනෙකුගේ සිරුරු හමුවීමත් සමඟ දකුණු අප්‍රිකානු පොලීසිය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම සිංහයන් අටදෙනාම ඊයේ දිනයේ වයඹ දිග දකුණු අප්‍රිකාවේ ස්වාට්‍රජන්ස් නගරයට ඔබ්බෙන් වූ වනාන්තර භූමියකදී ඝාතනය කර ඇති බව සඳහන්.

සියලුම සිංහයන්ගේ හකු සහ පාද කපා ඉවත් කරගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළා. දකුණු අප්‍රිකාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සිංහයන් විෂ යෙදූ කුකුල් මස් ආහාරයට දී මරා දමා ඇති බවට විශ්වාස කරන බවයි.

කෙසේ නමුත් එය සැකයක් පමණක් බවත් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත් පොලිස් ප්‍රකාශකයා කියා සිටියා.

ආසියාකරයේ වාජීකරණ ඖෂධ සඳහා ඝාතනය කරන ලද සිංහයන්ගේ කොටස් මීට පෙරද රැගෙන ගොස් තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top