ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද
Monday, 06 January 2020 - 9:52 | Views - 385
හපුතලේ - තම්බපීල්ල මාවත - අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චිගේ සහ ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාරගේ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

තිස්සමහාරාම - රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාරගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ රෝහණපුර - පොදු සුසානභූමියේදියි.

ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ද ඊයේ (05) රාත්‍රියේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එමෙන්ම, මාතර - තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි සිටින නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චිගේ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරෙන්නේ පවුලේ පොදු සුසාන භූමියේදීයි.

ඒ, ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේයි.

හපුතලේ - තම්බපීල්ල මාවත - අයිස්පීල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයක් පසුගිය සිකුරාදා කඩා වැටුණු අතර එහිදී මියගිය යානයේ ප්‍රධාන ගුවන් නියමු බලඝන නායක බුද්ධි වීබැද්දගේ සහ සහයක ගුවන් නියමු බල පන්ති නායක ලංකාපුර කුලතුංගගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (05) සිදුකෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top