මැර ප්‍රහාරයකින් ඉන්දියාවේ නේරු විශ්වවිද්‍යාලයේ 40 දෙනෙකුට තුවාල
Monday, 06 January 2020 - 8:58 | Views - 343
ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට එල්ලවූ මැර ප්‍රහාරයකින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මුහුණු ආවරණය කරගත් මැර කණ්ඩායමක් ගල් සහ මුගුරුවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 12 දෙනෙකුද වනවා. ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ වාමාංශික සිසුන් සහ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඒ.බී.වී.පී. ශිෂ්‍යයන් ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටින බව ද සඳහන්.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නවදිල්ලි පොලීසියෙන් වාර්තාවක්ද කැඳවා තිබෙනවා.
Share This Article