තෙතබරිත වූ පිටිය වේලන්න ඉන්දියාවෙන් සොයාගත්, කා අතරත් කතාවෙන අලුත්ම ක්‍රමය
Monday, 06 January 2020 - 8:33 | Views - 447

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අතහැර දමන්නට විනිසුරුවන්ට ඊයේ (05) සිදුවුණා.

ඒ තරඟය පැවැත්වීමට නියමිතව තිබූ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන්.

මෙම තරඟයේ කිසිඳු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබුණේ වර්ෂාවෙන් තෙත බරිත වූ ක්‍රීඩා පිටිය යළි සකස් කරන්නට ක්‍රීඩා පිටියේ බලධාරීන්ට හැකියාව නොලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් තණ තීරුව යළි සකස් කරන්නට ගුවහාටි ක්‍රීඩාංගන බලධාරීන් දැඩි වෙහෙසක් දැරූ අතර ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියා.

ඔවුන් තණ තීරුව වියළා ගැනීමට කොන්ඩා වේලන උපකරණ සහ විදුලි ස්ත්‍රික්කද යොදා ගත් අතර එය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්ව තිබීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top