වවුනියාවේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි
Monday, 06 January 2020 - 8:07 | Views - 327
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ රාත්රී දුම්රියේ ගැටීමෙන් ඊයේ (05) රාත්රියේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වවුනියාව - තේක්කවත්ත ප්රදේශයේදී පුද්ගලයා දුම්රියේ ගැටී ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, කූමාන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙක් බවයි පොලසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂය සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article