මීගමුව අවට ප්‍රදේශවලට අද උදෑසන 9 සිට පැය 24ක ජල කප්පාදුවක්
Monday, 06 January 2020 - 8:06 | Views - 324
මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (06) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව, මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්‍රදේශවලට හෙට (07) පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article