අඹන වෙල්යායේ හඳුනානොගත් ආක්‍රමණශීලී ශාඛයක්
Sunday, 05 January 2020 - 14:38 | Views - 333
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාවුල - අඹන වෙල්යායේ ආක්‍රමණශීලී ශාඛයක් පැතිරයාම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා.
අක්කර 500 ක් පමණ වන මෙම භූමි ප්‍රමාණයේ විශාල පත්‍ර සහිත වල් පැලෑටියක් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කුඹුරුවල මෙන්ම එළවළු වගාකර ඇති ගොඩ ඉඩම්වලද මෙම වල්පැලෑටිය දක්නට ලැබෙනවා.
Share This Article