රුපියල් පන්කෝටියකට අධික රත්‍රං සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Sunday, 05 January 2020 - 14:35 | Views - 1,050
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රුපියල් පන්කෝටි අසූදහසක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 6.5ක් බරැති රන් බිස්කට් 65ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහනය කරන්නෙකු ලෙස සේවය කළ 41 හැවිරිදි අයෙක්.
මෙම පුද්ගලයා විසින් රන් බිස්කට් ශරීරයේ සඟවාගෙන රැගෙන යමින් සිටියදී, අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුවයි.
Share This Article