ඉරාන සන්නද්ධ නායකයාගේ දේහය මව්බිමට
Sunday, 05 January 2020 - 13:54 | Views - 2,964
ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපල අසළදී ජීවිතක්ෂයට පත්වූ ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී කසෙම් සොලෙයිමානිගේ දේහය අද ඔහුගේ මව්බිම වූ ඉරානයට රැගෙන එනු ලැබුවා.
නිරිතදිග ඉරාකයේ අහ්වාස් සිට ඉරාන ධජයකින් වැසූ ඔහුගේ දේහය රැගත් දෙණ ගුවන් මගින් ටෙහෙරානයට රැගෙන එනු ලැබුවේ හමුදා තූර්යවාදන මධ්‍යයේයි.
එය පිළිගැනීමට කළු ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත ඉරාන ජාතිකයන් රොක්ව සිටි අතර, ඔවුන් ඇමරිකාවට මරණය යනුවෙන් හඬ නගමින් පා ගමනේ නිරතවුණා.
මේජර් ජෙනරාල් කසෙම් සොලෙයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම වූ කර්මන් හිදී මිහිදන් කිරීමට නියමිතයි.
Share This Article