මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවස පොලිස් පරික්ෂාවකට- අසභ්‍ය DVD තැටි, නීති විරෝධී ගිනි අවියක් සහ උණ්ඩත් හමුවෙයි
Saturday, 04 January 2020 - 19:37 | Views - 1,764
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස කොළඹ - දකුණ අපරාධ කොට්ඨාශය අද පරීක්ෂාවට ලක් කළා.

පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් එම කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පරීක්ෂාව සිදුකළ බවයි.

ඊට සම්බන්ධ සංයුක්ත තැටියක් මීට පෙර පොලීසිය සොයා ගෙන තිබුණා.

අද සිදුකළ පරීක්ෂාව සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල විසින් සෝදිසි වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයකට රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ බවට ඇති සැකයක් මත ඔහුගේ නිවසේ ඇතැයි සැලකෙන ලිපිගොනු සොයා මෙම පරීක්ෂාව සිදුකළ බවයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී පිස්තෝලයක් සහ උණ්ඩ 118 ක් පොලීසිය භාරයට ගැණුනා.

එසේම, අසභ්‍ය දර්ශන ඇතුළත් DVD තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top