ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඬලීමට හමුදාව කැදවයි
Saturday, 04 January 2020 - 15:07 | Views - 917
රට පුරා පැතිරෙන ලැව් ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා  ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් 3000ක අතිරේක හමුදා බල ඇණියක් කැදවා තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍යවරිය වන ලින්ඩා රෙනෝල්ඞ්ස් කියා සිටියේ එවැන්නක් සිදුවන්නේ  ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි.

ගිනිකොණදිග  ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති අතර, බලධාරීන් ප්‍රකාශ කළේ අද තවත් අනතුරුදායක උණුසුම් කාලගුණයක් පවතින බවයි.

පසුගිය සැප්තැම්බරයේ සිට  ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශවල නව ලැව් ගිනි අවදානමක් පැන නැගී ඇති අතර, ඉවත්වීමට කාලය මඳ බැවින් නිවෙස්වලට වී සිටින ලෙස එහි වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top