ලැව් ගිනි මැද නීරික්ෂණ චාරිකාවක නියැලුණු ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට ජනතාවගෙන් එල්ල වුණු විරෝධය - Video & Photos
Saturday, 04 January 2020 - 14:37 | Views - 535
පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් මරණයට පත් පිරිස විස්සකට ආසන්නයි. තවත් පුද්ගලයින් ගණනාවක් අතුරුදහන් වී ඇති බව බලධාරීන් පවසනවා.
 
දහස් ගණනාවක් ආරක්ෂිත ස්ථාන කරා පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලැව් ගිනි හේතුවෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත්, එරට අගමැති ස්කොට් මොරිසන් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබුණද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට විපතට පත් බොහෝ පිරිසක් ඔහුට චෝදනා නඟනවා.
 
එමෙන්ම, පසුගිය දිනෙක අගමැති මොරිසන් ලැව්ගිනි හටගත් ප්‍රදේශවල නීරික්ෂණ චාරිකාවක නියැලුණු අතර එහිදීද ඔහුට නොසිතූ ලෙස විරෝධය මතුවුණා.
 
මෙසේ අගමැතිවරයා ජනතාවගේ විරෝධයට ලක් වෙද්දි ඔහුට තම නිරීක්ෂණ චාරිකාව අතරමඟ නවතා දමන්නට සිදුවුණා.
 
අගමැතිවරයා එහි රැඳි සිටි කාන්තාවකට අත පෑවද ඇය අකැමැත්තෙන් අත පා පවසා සිටියේ, "මෙහි බොහෝ දෙනෙකුට නිවාස අහිමිව" ඇති බවයි.
 
"ඔයා මෝඩයෙක්..." ලෙසින්ද තවත් අයෙකු අගමැතිවරයාට කෑ ගසන ආකාරය අන්තර්ජාලයේ මේ වනවිට හුවමාරු වන වීඩියෝවේ දැක්වෙනවා.
 
කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කර තිබුණේ, මිනිසුන්ගේ හැඟීම් දැඩි වුවත්, සියල්ල අහිමි වූ ඔවුන් තමන්ට දෝෂාරෝපණය කිරීම සාධාරණ බවයි.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top