ලක්ෂ 35ක දුම්වැටි සමඟ ගුවන් තොටුපළේදී දෙදෙනෙකු අත්අඩංගුවට
Saturday, 04 January 2020 - 10:28 | Views - 547
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම අබුඩාබි සිට පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
සැකකරුවන් සතුව තිබී දුම්වැටි 59,600ක් රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවට තක්සේරු කර තිබෙනවා.
Share This Article