ඇමරිකාවෙන් ඉරාන හිතවාදී අතුරු හමුදා නායකයෙකු රැගත් රථ පෙළකට ප්‍රහාරයක්
Saturday, 04 January 2020 - 9:27 | Views - 1,057
ඉරාන හිතවාදී අතුරු හමුදා නායකයෙකු රැගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව උතුරු බැග්ඩෑඩයේදී එල්ල කළ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන ඉරාකයේ - බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන් එරට හමුදා ප්‍රධානියා වන ජනරාල් කාසිම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article