"අද උදෑසන රටම හඬවමින් සිදුවූ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් විරුවන්ගේ ඥාතීන් හඬා වැළපෙයි "
Friday, 03 January 2020 - 21:16 | Views - 2,726
ස්පීඩ් කියන්නේ සාමාන්‍යයෙන් හොඳටම ආවා ඒක. මට කිට්ටුවෙන්න බැරිවුණා..
එක්කෙනෙක් ඇතුළේ ඉන්නවා දැක්කා මම, එනකොටත් ලොකුවට ගින්න..
එකපාරම ඇවිත් ගහක වැදුණා. වැටිච්ච ගමන් පුපුරලා ගිනිගත්තා..

ගුවන් හමුදාවට අයත් වයි -12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ - තම්බපිල්ල ප්‍රදේශයට කඩා වැටීමෙන් සිව්දෙනෙකු ජිවිතක්ෂට පත්වුණා.
 
ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙකුයි බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.
 
ගුවන් නිරික්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබු යානයේ නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු සිට තිබෙනවා.
 
අදාළ ගුවන් යානය පියාසර කරන ආකාරය නිවසක ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
 
කෙසේ වෙතත් පෙරවරු 9.15ට පමණ යානය හපුතලේ තම්බපීල්ල මාවත අයිස්පීල්ල ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා.
 
සිදුවු අනතුරෙන් යානයේ ගමන් ගත් නිලධාරින් සිව්දෙනා ජිවිතක්ෂයට පත්වූ අතර අනතුර සිදුවු ස්ථානය ආසන්නයේ නිවසක සිටි කාන්තාවක් ද කම්පනයට පත්වී හපුතලේ දිස්ත්‍රික් රෝහල වෙත යොමුකර තිබුණා.
 
යානය වීරවිල සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පියාසර කරමින් තිබියදී අනතුර සිදුව ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
 
ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප්‍ කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා සදහන් කළා.
 
අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකරන බවයි.
 
ගුවන් යානා අනතුරින් මියගිය බලගන නායක ඩබ්ලිව්.ඒ.ඒම්.බි.එන්.බි. වීරබැද්ද මහනුවර හන්දාවල පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
 
ගම්පොළ හන්දියාදෙණිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංගද අනතුරෙන් ජිවිතක්ෂයට පත්වුණා.
 
එමෙන්ම ගුවන් සැරයන් එස්.ජි.ටි කුමාරද ජිවිතක්ෂයට පත්වු අතර ඔහු පදිංචිව සිටියේ තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේයි.
 
අනතුරෙන් ජිවිතක්ෂයට පත්වු නායක ගුවන් භට එන්.එල්.ඩ් හෙට්ටිආරච්චිගේ මාතර වෙළදගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top