කඩදාසි කම්හලේ ගින්න මැඩපවත්වා අවසන්
Friday, 03 January 2020 - 21:01 | Views - 466
ග්රෑන්ඩ්පාස් - සේදවත්ත - කළුපාලම ආසන්නයේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාවක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ග්රෑන්ඞ්පාස් පොලීසියට ලද තොරතුරක් මත කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය දැනුවත් කර එහි ගිනි නිවන රථ 6 ක් යොදවා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි අදාළ කඩදාසි කර්මාන්තශාලාව ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සිදුව ඇති අලාභය හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article