හපුතලේ ගුවන් අනතුරට තවමත් හේතුවක් නැහැ
Friday, 03 January 2020 - 20:59 | Views - 526
ගුවන් හමුදාවට අයත් යානයක් හපුතලේ - අයිස්පීල්ල - තම්බපීල්ල මාවතට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ නියමුවන් දෙදෙනා සහ නිරීක්ෂකයින් දෙදෙනා පිලිබඳ මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්.

එය අද පෙරවරුවේ හම්බන්තොට - වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබූ අතර, යානයේ නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂණ නිලධාරින් දෙදෙනකු සිට තිබෙනවා.

කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ අයිස්පීල්ල කඳුකර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

අනතුරෙන් යානයේ ගමන් ගත් නිලධාරින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේ නිවසක සිටි කාන්තාවක් ද කම්පනයට පත්වී හපුතලේ රෝහල වෙත යොමු කෙරුණා.

පසුව ප්‍රතිකාර ලබා ඇය රෝහලෙන් පිටත්ව ගිය බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බලගන නායකයෙකු, බලපන්ති ලුතිනන් වරයෙකු, ගුවන් සැරයන්වරයෙකු හා නායක ගුවන් භටයෙකු මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ද අවධානය යොමුවුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top