බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරියේදී ජනතාවට
Friday, 03 January 2020 - 20:59 | Views - 370
බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරියේදී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රතිත්‍රස්ත පනත ද සම්පූර්ණයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවයි.
Share This Article