විපක්ෂ නායක, සභානායක, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රාජකාරි අරඹයි
Friday, 03 January 2020 - 16:17 | Views - 481
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාර ගනු ලැබුවා.
ඔහු එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලකට පත්වීම් ලිපිය ද ප්රදානය කළා.
මේ අතර, පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂ කාර්යාලයේදී වැඩ භාර ගත් අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද, එම කාර්යාලයේදී සිය රාජකාරි අරඹනු ලැබුවා.
මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 7 වනදා සහ 8 වනදා විවාදයක් පැවැත්වීමට අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළ කර තිබෙනවා.
Share This Article