ගුවන් යානා අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරනවා - චමල් රාජපක්ෂ
Friday, 03 January 2020 - 15:09 | Views - 429
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය.
එම පරික්ෂණයෙන් පසු මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Share This Article