'හෙලිකොප්ටරේ බලන්න කියලා ළමයින්ට කිව්වා- එක පාරටම වැටිලා පිපුරුවා'-ගුවන් අනතුර ගැන ඇසින් දුටුවන් කියන කතා
Friday, 03 January 2020 - 14:14 | Views - 779
ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් හපුතලේ - තම්බපිල්ලේ වතුයාය ආසන්නයේදී අද පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙය පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් බවට මුලින් වාර්තා වුවත් පසුව එය ගුවන් හමුදාවේ සැහැල්ලු ගුවන් යානයක් බවට හඳුනාගෙන තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ වීරවිල සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට යානය පියාසර කරමින් තිබූ බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ තහවුරු කළා.
ගුවන් යානය කඩා වැටුණු ස්ථානය ආසන්නයේ නිවසක සිටි කාන්තාවක් ද කම්පනයට පත්වී රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බලගණ නායකයෙකු, බලපන්ති ලුතිනන්වරයෙකු ඇතුළු තවත් ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක්.
මේ අතර, මෙම අනතුර සියැසින් දුටු පිරිස් අනතුර සිදු වූ අයුරු මෙසේ විස්තර කළා.
Share This Article