දියණියන් දෙදෙනා එල්ලා, මව සිය දිවි නසා ගනී
Friday, 03 January 2020 - 12:13 | Views - 9,138
කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්රදේශයේ මවක ඊයේ (02දා) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා ඇයද සිය දිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
එක් දියණියකගේ දිවි බේරී ඇති අතර අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ඩිලානි මංජුලා නැමැති විසි හැවිරිදි මවක සහ අවුරුදු දෙකක් වයසැති දියණියක් බවයි සදහන් වන්නේ. අවුරුදු තුනාහමාරක් වයසැති දියණියගේ දිවි බේරී ඇති බවත් සදහන්.
මව නිවසේ බාල්කයක සාරියකින් එල්ලී දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසන අතර කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජේ.එම්.ආර්. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වන බවත් සදහන්.
Share This Article