සැමියා ඉදිරිපිට බිරියට අතවර කළ සැකකරු රිමාන්ඩ්
Friday, 03 January 2020 - 8:35 | Views - 6,032
මිනුවන්ගොඩ අස්සැන්නවත්ත ප්රදේශයේ ඥාති නිවසකට ඉකුත් නත්තල්දා පැමිණ සිටි අඹුසැමි යුවළකට පහරදී සැමියා බලා සිටියදීම කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය.
මිනුවන්ගොඩ, අස්සැන්න වත්ත, මාහේනවත්තේ පදිංචිකරුවෙකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. දිවුලපිටිය ප්රදේශයේ පදිංචි පැමිණිලිකාර බිරිඳ සහ සැමියා නත්තල්දා (25දා) ඔවුනගේ ලොකු අම්මාගේ නිවසට පැමිණ සිටියදී එම නිවාස ආසන්නයේ පදිංචි සැකකරු බීමත්ව පැමිණිලිකරු සිටි නිවසට ගොස් අතවර කර ඇති බවට අධිකරණයේදී සඳහන් වූ අතර සැරයන් අබේරත්න (20305) මහතා පැමිණිල්ල මෙහෙය වීය.
Share This Article