යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගිහින්
Friday, 03 January 2020 - 8:19 | Views - 258
ගාල්ල - උඩුගම ගෝනිදෙනිය ප්රදේශයේදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (02) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ උඩුගම ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තරුණයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
උඩුගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article