දුම්රියේ සිඟමන් යදිමින් සිට ඇල්ලූ යාචක කාන්තාව ලක්ෂපතිනියක් වූ හැටි මෙන්න
Friday, 03 January 2020 - 7:57 | Views - 67,008
දුම්රියේ සිඟමන් යදිමින් සිටියදී තම භාරයට ගත් යාචක කාන්තාවක් සතුව තිබී රුපියල් දෙලක්ෂ 14,290 ක පමණ මුදලක් සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරිය පවසනවා.

රාගම සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ දුම්රියකදී මෙම යාචක කාන්තාව ඔවුන් භාරයට ගෙන ඇති අතර, ඇයගේ ගමන් මල්ලේ තිබී රුපියල් පන්දහසේ නෝට්ටු 35 ක් සහ සියයේ නෝට්ටු 38 ක් සොයාගත් බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කරනු ලැබූ අතර, එදින සිට දුම්රිය ආරක්ෂක අධිකාරිය මෙම වැටලීම් සිදුකරනු ලැබුවා.

එහිදී සිඟමනේ යෙදුණු යාචකයින් 50 කට අධික පිරිසක් සොයාගෙන ඇති අතර, ඉන් 17 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි දුම්රිය ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top