රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන ගෙන්වීම නතර කෙරේ
Friday, 03 January 2020 - 7:41 | Views - 515
ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
දැනටමත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක්ද රජය විසින් ආරම්භ කර තිබෙනවා.
යම් හෙයකින් අත්‍යවශ්‍ය කරුණකට පමණක් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article