රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන ගෙන්වීම නතර කෙරේ
Friday, 03 January 2020 - 7:41 | Views - 516
ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

දැනටමත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක්ද රජය විසින් ආරම්භ කර තිබෙනවා.

යම් හෙයකින් අත්‍යවශ්‍ය කරුණකට පමණක් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top