නැගෙනහිර පළාතේ ඩෙංගු මර්දනයට අලූත් මෙහෙයුමක්
Friday, 03 January 2020 - 7:39 | Views - 503
පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතන ඇතුළු සියලූම ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අද සිට අදාළ පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසටයි ආණ්ඩුකාරවරිය බලධාරීන්ට දන්වා ඇත්තේ.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සමෘද්ධි නිලධාරීන් සහ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඇතුළත් වනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 2048 ක් හඳුනාගෙන ඇති බවයි ඊයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ ඩෙංගු කීටයින් බෝවන ස්ථාන රැසක් හඳුනාගෙන ඇති බවටද එම සාකච්ඡාවට එක්වූ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා කඩිනමින් එම තත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top