අම්බලන්තොට රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
Thursday, 02 January 2020 - 16:38 | Views - 1,589
අම්බලන්තොට රුහුණු රිදියගමප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ ත්රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මියගොස් ඇත්තේ ත්රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක්.
සිද්ධිය පිළිබඳ අම්බලන්තොට පොලිසිය විමර්ශණ සිදු කරනවා.
Share This Article