නව වසර ආරම්භයේදීම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක හර්ඩික් පාණ්ඩියා සිය පෙම්වතියට කළ යෝජනාව
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හර්ඩික් පාණ්ඩියා කියන්නේ වර්ථමානයේ ඉන්දියානු පිලේ කැපීපෙනෙන ක්‍රීඩකයෙක්.
මේ කියන්න හදන්නේ ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැන නම් නෙවෙයි.
කාලයක පටන් හර්ඩික් සර්බියානු නිළියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා.
නව වසරේ ජනවාරි පළමුවැනිදා හර්ඩික් සිය පෙම්වතිය සමඟ නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබෙනවා.
ඔහු එම අවස්ථාවේදී ඇයට සිය විවාහ යෝජනාව ඇයට පවසානවා.
මේ අවස්ථාවේදී ඇය එම යෝජනාව පිළිගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
මේ අවස්ථාව හර්ඩික් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබෙනවා.

