අලුත විවාහ වූ දොස්තරගේ රූමත් බිරිඳ නිවස තුලදි දිවි නසා ගනී
Thursday, 02 January 2020 - 15:59 | Views - 3,609
යාපනයේ වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ 31 වැනිදා යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. විසි අට හැවිරිදි මෙම කාන්තාව යාපනයේ පෞද්ගලික බැංකුවක නිලධාරිනියක වශයෙන් කටයුතු කොට ඇති බවයි සදහන් වන්නේ.
ඇය වෛද්‍යවරයා සමග විවාහ වී මාස හයක්වත් ගත වී නැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
ඇය විවාහ වී සිටින වෛද්‍යවරයා දැනට පුනරීන් රෝහලේ සේවය කරන අතර ඇය සියදිවි හානි කර ගැනීමට හේතුව තමන්ට අදහා ගත නොහැකි බව වෛද්‍යවරයා පොලිසියට පවසා තිබෙනවා. කොකුවිල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Share This Article