පාසල් සිසුවියකගේ නිරුවත වීඩියෝගත කළ නරුම පෙම්වතා වැඩ වරද්දා ගත් හැටි
Thursday, 02 January 2020 - 15:39 | Views - 548

මෙම සිදුවීම වාර්තා වන්නේ මීගමුව ප්‍රදේශයෙන්. අමාලි නම් දැරිය 17 හැවිරිදි වියේ පසුවුණා. පාසල් සිසුවියක් වූ ඇය මීගමුව ප්‍රදේශයේ පාසලක ඉගැනුම ලැබුවා. මෙලෙස පාසල් යමින් සිටියදී ඇයට හමුවන්නේ කුමාර නම් වූ තරුණයෙක්. ඔහු 25 වන වියේ පසුවුණා.
 
අමාලිගේ පුංචි සිතේ ද නුරා හැඟූම් පිබිඳී එන්නට වූයේ කුමාරගේ අනග බැලුම් ඈ දෙසට යොමු වීමත් සමඟයි.
 
කල්යත්ම දෙදෙනා වඩාත් සමීප වන්නට පටන් ගත්තා. දෙදෙනාටම පෙම්වතුන් වන්නට අවහිරතා ඇතිවූයේ නැහැ.

අමාලි අමතර පංති යද්දි වාගේම පාසල් යනවිටත් මේ සබඳතාවය තවත් මල්ඵල ගැන්වීමට හේතු පාදක වුණා.
 
"අපි යමු බීච් එකට.." ඔහු අමාලිට යෝජනා කළා.
 
"අනේ මට බැහැ. ගෙදරට ආරංචි වෙයි.." ඇය කීවා.
 
"අද පංති යන්න ඕනෙ නැහැ. ඔන්න එහෙනම් මම තරහා වෙනවා.." කුමාරගේ ඉල්ලීමට අමාලි අකැමැත්තෙන් හෝ එකඟ වුණා.
 
කුමාර අමාලිගේ අත අල්ලන් වෙරළ දිගේ වැටකේ හෙවණක් යටට ඇවිද ගියේ බොහෝ බලාපොරොත්තු ඇතිවයි. අමාලිගේ ලස්සන මුහුණට වඩා ඔහුගේ හිත ගියේ අමාලිගේ ගෙල වටා දිලිසෙන රත්ත්‍රන් මාලයටයි.
 
ඔහු ඒ බව නොපෙන්වමින් අමාලිගේ සිරුරේ හැඩ බැලුවා. ක්‍රමයෙන් අමාලිගේ නිරුවත ඔහුගේ දුරකථනයේ ඇඳී ගියේ පුංචි කෙල්ලක බියපත්ව ඔහුගේ අණසකට යටත් වෙද්දියි.
 
ඉන් අනතුරුව බොහෝ ස්ථානවලට අමාලිව උපක්‍රමයෙන් රැගෙන ගිය කුමාර ඇගේ අඩනිරුවත් ඡායාරූප ප්‍රමාණයක් ඡායාරූප ගත කළා.
 
කාලය ගෙවී ගියා. දෙදෙනාම ප්‍රේමයේ බොහෝ දුරකට යාමට තරම් සමීපව සිටියා.
 
"මට සල්ලි හදිසිස්සියක් වෙලා. මට සල්ලි ටිකක් දෙන්න. මම ආපහු දෙන්නම්.."
 
ඔහු දිනක් ඇගෙන් ඉල්ලා සිටියා.
 
"අනේ මගේ ළඟ නම් සල්ලි නැහැ. මට සල්ලි දෙන්න විදිහක් නෑ.."
 
"මට රුපියල් 15,000ක් කොහොම හරි ඕනේ. ලොකු හදිස්සියක්. ඔයා මාලේ උගස් තියලා හරි මට සල්ලි ටිකක් දෙන්න.." ඔහු එසේ කීවේ සැරපරුෂ ලෙසයි.
 
තමන් මල්වර වූ දා මවුපියන් දැමූ රත්ත්‍රන් චේන්පොට ඇය අත ගා බලද්දීම කුමාරගේ හැඩිදැඩි දෙඅත් ඒ වෙත ළඟ වී හමාරයි.
 
රන්මාලය බලෙන් මෙන් ලබාගත් කුමාර එය තව සතියකින් ගෙනත් දෙන බවට ඇයට පොරොන්දු වුණා. රුපියල් 15,000ක් වෙනුවට ලක්ෂයක් පමණ වටිනා මාලය රැගෙන ඔහු යන්නට ගියා. ඉන් පසුවත් ඔහුගේ මුදල් අවශ්‍යතාව සංසිඳී තිබුණේ නැහැ. ඉන්පසුද අමාලි රවටමින් ඇගෙන් මුදල් ඉල්ලා සිටි නරුම පෙම්වතා ඇයට බලකර සිටියේ එසේ මුදල් නොදුනහොත් තමන් සතුව ඇති ඇගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවයි. බියටපත් ඇය තම මිතුරියකට පවසා බැංකු පොතින් රුපියල් 67,000 ලබාගෙන ඔහුට දුන්නා.
 
මේ අයුරින් කිහිප වතාවක් ඇයට තර්ජනය කොට මුදල් ඉල්ලූ කුමාර පෙම්වතියගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට ඇයට දිගින් දිගටම බියපත් කරමින් මුදල් ලබාගෙන තිබෙනවා.
 
මේ සිදුවීමෙන් මහත් බියට පත් දැරිය කාලය ගත කළේ තැතිගත් ස්වරූපයෙනුයි. තම දියණියගේ ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බැලීමේදී ඇගේ ඉරියව්වල, දින චරියාවේ මහත් වෙනසක් ඇති බව මවුපියන්ට අවබෝධ වූයේ ඔය අතරතුරයි. ඒ පිළිබඳ අවධානය යොමු කළ මවුපියෝ දියණියගෙන් එයට හේතු විමසා බැලීමෙන් පසු මහත් කලබලයට පත්වුණා.
 
ඔවුන් වහා මේ ගැන කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කළා. ඒ අනුව විමර්ශන කටයුතු කළ පොලිසිය ඒ ප්‍රදේශය පදිංචි 25 හැවිරිදි කුමාරව අත්අඩංගුවට ගත්තා. ඔහු අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණා.
 
17 හැවිරිදි සිසුවියක් වූ තම පෙම්වතියගේ අඩනිරුවත් ඡායාරූප ගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වා පැළඳ සිටි ලක්ෂයකට වැඩි වටිනා රන් මාලය හා රුපියල් 67,000ක් බලෙන් ලබාගත් බව කියන 25 හැවිරිදි පෙම්වතාට ඇප දීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
 
නන්දි අලුත්ගේ රත්නවීර

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top