ලබන සදුදා මීගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Thursday, 02 January 2020 - 14:36 | Views - 472
මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි.
ඒ අනුව, සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ , දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්රදේශවලටයි.
Share This Article