වෙළඳපොළේ මාළු මිළ ඉහළට
Thursday, 02 January 2020 - 13:59 | Views - 1,483
වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, ධීවර සංස්ථාව සඳහන් කළේ තම සංස්ථාව සතු අලෙවිසැල්වල එවැනි මිල ඉහල යාමක් දක්නට නොලැබෙන බවයි.
ධීවර සංස්ථාවට අයත් අලෙවිසැල්වල කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 720ක මිලකටත් තලපත් කිලෝවක් රුපියල් 880ක මිලකටත් අලෙවි කෙරෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම, මේ දිනවල ඉස්සන් සහ තෝරා යන මත්ස්‍ය විශේෂවල මිල ගණන් ඉහල ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, ධීවර සංස්ථා අලෙවිසැල් හැර සෙසු මත්ස්‍ය නිෂ්පාදනය කරන ස්ථාන වල මිල ගණන් ඉහල ගොස් තිබෙනවා.
පසුගිය කාලසීමාවේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ මුහුද රළුවීම නිසා ධීවරයින් මසුන් ඇල්ලීම සඳහා මුහුදුයාමෙන් වැළකී සිටීම මීට හේතු ලෙසයි ඔවුන් දක්වන්නේ.
රුපියල් 500 ක්ව පැවති කෙළවල්ලා කිලෝවක් මේ වනවිට රුපියල් 800 කටත් තලපත් කිලෝවක් රුපියල් 1500 මිළකටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.
බලයා කිලෝග්‍ර‍්‍රෑමය මිල සටහන් වන්නේ රුපියල් 900 ක් ලෙසයි. මෙම මිල ගණන් වලට සාපේක්ෂව කුඩා මත්ස්‍ය මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.
Share This Article