රූමි මොහොමඩ්ගේ නීිතිඥයන් කළ ඉල්ලීමක් අධිකරණය ඉවත දමයි
Thursday, 02 January 2020 - 13:32 | Views - 385
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අද ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද ප්‍රතික්ෂේප කළා.
එම මෝසම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය කියා සිටියේ මෙම කරුණු දැක්වීම යලි නඩුව කැදවන මේ මස 06 වනදා සිදු කරන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු මේ මස 6 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
ඔහු පසුගිය 31 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වූ අවස්ථාවේදීයි.
Share This Article