ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනපති කාර්යාලයට - දෙමල සන්ධනායත් පස්වරුවේ රැස්වේ
Thursday, 02 January 2020 - 12:44 | Views - 478

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එ, ජනාධිපති කාර්යාලයේදියි.
හෙට දිනයේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කෙරෙන බැවින් එහි ආණ්ඩු පක්ෂයේ තනතුරු තීරණය කිරිම සම්බන්ධයෙන් අද රැස්වීමේදි අවසන් තීරණයකට එළඹිමට නියමිතයි.
එ අනුව සභානායක ධූරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම නියෝජ්‍ය සංවිධායක ධූර පිළිබදව අද කථානායකවරයාට දැනුම් දෙනු ඇති.
මේ වන විටත් සභානායකධූරය සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා අමාත්‍ය මහින්ද අමරවීර ගේ නම් යෝජනා වි තිබෙනවා.
එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමද අද පස්වරුවේ රැස්වනවා.
එ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.
එහිදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පිළිබද අවසන් තීන්දුවක් ගනු ඇති.
දැනට එ සදහා යෝජනා වි ඇත්තේ පසුගිය රජයේ ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරය දෑරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකයි.
එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කලේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ හමුවක්ද අද දහවල් සිදුවනු ඇති බවයි.
එහිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදය සාකච්ජා ලක් කිරීමට නියමිතයි.
දෙමළ ජාතික සන්ධානයද එහි නායක හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සුමන්තීරන් හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිලිබද මෙම හමුවේදි සාකච්ජා කිරිමට නියමිතව ඇති බවයි.
අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාගර්භයේදි හෙට පෙරවරු 10 ට ආරම්භ වනවා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැත්තැව දෙක ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තු සභා වාරය කල් තැබුවා.
හෙට රැස්වන නව සභාවාරයේ විශේෂත්වය වන්නේ නව ආණ්ඩුවක් පත්වීමෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව රැස්වන්නේ හෙට දිනයේදි වීමයි.
සැසිවාරය ආරම්භවීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථානු කූලව සිය රාජ්‍ය ප්‍රතිපත්තිය රාජසන කථාව ලෙස ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව එම රාජාසන කථාව සම්බන්ධයෙන් ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරිම සම්ප්‍රදායයි.
එම ස්තුති කිරීමේ යෝජනාව සාමන්‍ය ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් ලබාලම මන්ත්‍රීවරයා විසින්.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයට පත් වීමෙන් පසු දෙවන විදෙස් නිල සංචාරය ලෙස ලබන 14 වනදා චීනයට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එරට ජනාධිපති ෂි ජිං පින්ගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය ලෙස පසුගියදා ඉන්දියාවට පිටත්ව ගියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුවයි.
මේ අතර සියලූ වෘත්තීය නොවන තානාපති කාර්යාල ප්‍රධානීන්ට සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට යලි මෙරටට පැමිණීම සඳහා ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
පසුගිය රජය සමයේ මෙම පත්කිරීම් සිදු කර තිබූ අතර ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය 31 වනදායි අවසන් වුණා.
කෙසේ වෙතත් අදාල නිලධාරීන් එම කාලය දීර්ඝ කරන ලෙස කර තිබූ ඉල්ලීම් සලකා අදාළ තීරණය ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
Share This Article