රාගම වෙඩි තැබීමට හේතුව මුදල් ආරවුලක්
Thursday, 02 January 2020 - 12:41 | Views - 661

රාගම - ගනේමුල්ල - කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට හේතුව මුදල් ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා.
වාහනයක් සම්බන්ධයෙන් මෙම මුදල් ආරවුල ඇතිවී ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඊයේ රාත්‍රි 7.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, 30 හැවිරිදි කුලී පදනම මත වාහන ලබාදීමේ ව්‍යාපාරයක නිරත මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මොහු රාත්‍රියේ රාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ තමන්ට අයිති වෑන් රථයක් කුලී පදනම මත පුද්ගලයෙකුට ලබාදීම සඳහායි.
ඉතාලියේ සිට මෙරටට පැමිණි පවුලක් සිය තාවකාලික භාවිතය සඳහා කුලී පදනම මත මෙම වෑන් රථය ලබාගෙන තිබෙනවා.
වෑන් රථය නිවැසියන්ට භාරදී යළි පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, මොහුට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරු ද අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.
රාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර - තාප්පවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසේ සැඟව සිටියදීයි.
වෙඩි තැබීම සඳහා යොදාගත් මිලිමීටර 9 වර්ගයේ රිවෝල්වරයද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හමුදාවෙන් පලාගිය අයෙකු බවයි.
එමෙන්ම මියගිය ව්‍යාපාරිකයා සහ ඔහු කලක පටන් මිතුරන් වන බව සදහන්.
මේ අතර, කොට්ටාව නගරයේදී තියුණු ආයුධකින් පහරදී ඊයේ රාත්‍රියේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කර තිබුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ද මෙම ආරක්ෂක නිලධාරියා රාජකාරි කළ ආයතනයේම සේවය කර ඇති අතර, ඔවුන් එම ආයතනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මුල් කරගෙනයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.
Share This Article