ගම්මන්පිල පාස්කු ප්රහාරය ගැන සොයන ජනපති කොමිසමට
Thursday, 02 January 2020 - 12:37 | Views - 506
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා.
පෙරවරු 9.30 ට පමණ ඔහු එම කොමිසම හමුවට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.
ප්රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවනු ලැබුවේ පළමු වතාවටයි.
පසුගිය මස 6 වනදා ප්රකාශයක් ලබාදීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එම කොමිසම හමුවට පැමිණියා.
Share This Article