ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
Thursday, 02 January 2020 - 8:08 | Views - 2,287
ඉන්දියාවේ පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ඊට අධ්‍යාපන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට පවරා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ සහ ඔෂධ ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුලත්.

වනිඳු හසරංග, ලහිරු කුමාර, කුසල් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන් ද මෙම සංචිතයේ සාමාජිකයන් වනවා.

සංචිතයට නම්කර තිබු නුවන් ප්‍රදීප් ආබාධයක් හේතුවෙන් ඉන්දීය සංචාරයට එක්නොවන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඔහු වෙනුවෙන් කසුන් රාජිත සංචිතයට එක්කර තිබෙනවා.

T20 තරඟ තුනකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය ලබන 05 වනදා ආරම්භ විමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top