මාස 16 කට පසු මැතිව්ස්ට විස්සයි විස්ස වරම්
Thursday, 02 January 2020 - 8:07 | Views - 405
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතයට මාස 16 කට පසු ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබීම විශේෂත්වයක්.
ශ්රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර, ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වනවා.
Share This Article